Friday, November 20, 2009

දුර ගිය සෙනෙහස..

හීනෙන් හීනෙට ඇවිදින් හිත ළඟ
තවමත් නුඹ මාලිගා හදනවා
සුවඳින් ඉවකර ගත නොහෙනා සඳ
රෑ තරු මල් මට පාර කියනවා...
සමනල් සිතකින් මා වැදු සෙනෙහස
මිරිඟුව සේ දුර ඈතට යනවා
නුඹ අත අරගෙන ඒ දුර යන්නට
සමනළියේ මම පාර සොයනවා...

නෙත හිත දෙතොළඟ තැවරූ සුවඳින්
මල් වාරේ හදවත පිරුනා
අවාරයේ වැසි අනෝරාව යට
ඒ මල් පෙති ගැලවී වැටුණා...
තරු නෙත් කැල්මක දෙතොළඟ සුසුමක
සුවඳක් සේ සෙනෙහස බැඳුණා
පෙම් කළෙ මා මිස නුඹ නොවනා වග
වැටහෙන්නට කල්පය ගෙවුණා...

2009/01/01

3 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. නෙත් වල වැලි කැටයක්,
    රැඳි ගානයි....
    කෙවේ කෙවේ නෙත,
    කඳුළු දි දී...
    හිත් අහසට කලුවර උනු ගානයි..
    රැදේ රැදේ හිරු,
    අවර කොනේ..
    ලත් සෙනෙහස අමතක උනු ගානයි..
    නැතේ නැතේ අද,
    සිසිල නැතී..
    දත් එක රහසක් මිමිනෙන ගානයි..
    වටී වටී මට,
    නුඹමැ වටී..

    ReplyDelete
  3. සිහින තොටුපලක ගගුලට වී මම ....
    ඈතින් ඔබ ඒ ඇයි සිතුවා ...

    සීතල හුළගේ හීන් සීරුවට නුඹ ...
    ඈතින් ඈතට පිය මැන්නා ...

    නුඹ නැති මගෙ සිත නිල් දිය රැලි ලෙස..
    සසලව ඇතිබව සිහිනෙක නුඹ කියලා තිබුනා ..

    නිල් දියවර ගෙන කව්දෝ හිමිහිට ...
    දේදුන්නක් ඇදලා තිබුනා ...

    ReplyDelete