Saturday, December 11, 2010

රාත්‍රියේ පාළුව

රාත්‍රිය ගෙනෙයි පාළුව
කිසිත් නොසිතෙන විට
එක්වී ඊට කැපෙන අදුරත්
වැඩි කරයි මෙහි ගුප්ත බව
නමුත් තව ටික දුරයි
නැගෙන්නට හෙට හිරු දින
මැකෙයි පාළුව මොහොතකට
දැනෙන විට මගේ සඳ පායා ඇති වග

Monday, November 22, 2010

දැන් නම් හරි...

ඔන්න ඉතින් බලාගෙන ඉඳල ඉඳල අද මේල් එකක් ආවා මගේ බ්ලොග් එක සින්ඩියට දැම්මා කියලා..ඉතින් ඔන්න අයෙත් මගේ බ්ලොග් එක සින්ඩියේ වැඩ..ඉතින් කට්ටිය මට පොඩ්ඩක් උදව් කරන්න..කොහොමද බ්ලොග් එක තියාගෙන යන්නේ..මොනවද සයිට් ඒකට ඇඩ් කරන්න ඕනේ..කොහොමද මේක ලස්සන කරන්නේ වගේ දේවල් ටිකක්..මොකද ඉතින් ලියන්න පටන් ගන්න කලින් මේක පොඩ්ඩක් පිළිවෙලට හදා ගෙන ඉන්න ඕනේ නේ නේද...ඉතින් මම හැමෝගෙම උදව් බලාපොරොත්තු වෙනාවා..:)

Tuesday, November 16, 2010

කෝ තමා නැ නේ...

කලින් ඉතින් මගේ බ්ලොග් එක සින්ඩියට දාල තිබුනට මම ලිව්වේ නැ නේ..ඉතින් මගේ බ්ලොග් එක අයින් කරලා..මම ඉතින් අයෙ රික්වෙස්ට් එකක් දැම්මා..ඒ වුනාට තමා කන්ෆර්ම් මේල් එක ආවේ නැ නේ..මොකද මන්දා...බලමුකෝ තව ටික දවසක්..:)

Friday, November 12, 2010

කාලෙකින් ආවේ....

මමත් ඉතින් ඒ කාලේ යාලුවෝ කියපු නිසා නමට බ්ලොග් එකක් හැදුව..මම ලියපු ඒවා දෙක තුනකුත් පොස්ට් කලා..එත් අන්තිමට ඉතින් විභාග එහෙම කට උඩට එනකොට සේරම අමතක වෙලා යනවා..දැන් නම් ටිකක් නිවාඩු කාලේ..නිකමට වගේ මගේ බ්ලොග් ඒකට ආවා..මෙන්න බොලේ තාමත් එක යහමින් තියෙනවා..හී හී..ඉතින් අයෙත් මොනවා හරි ලියල දාන්න ඕනේ කියල හිතුනා..සේරටම කලින් මේක පොඩ්ඩක් ලස්සන කර ගන්න ඕනේ..ඉතින් ඒකට මට පොඩ්ඩක් කට්ටියගේ උදව් ඕනේ..ඔයාලගේ ඒවා කොහොමද ලස්සනට තියා ගන්නේ..මටත් පොඩ්ඩක් කියල දෙන්න..ඔයා බැනර් තීම් එහෙම දාන හැටි..හැමෝගෙම ප්‍රතිචාරය බලාපොරොත්තු වෙනවා..ස්තුතියි..

Friday, November 20, 2009

දුර ගිය සෙනෙහස..

හීනෙන් හීනෙට ඇවිදින් හිත ළඟ
තවමත් නුඹ මාලිගා හදනවා
සුවඳින් ඉවකර ගත නොහෙනා සඳ
රෑ තරු මල් මට පාර කියනවා...
සමනල් සිතකින් මා වැදු සෙනෙහස
මිරිඟුව සේ දුර ඈතට යනවා
නුඹ අත අරගෙන ඒ දුර යන්නට
සමනළියේ මම පාර සොයනවා...

නෙත හිත දෙතොළඟ තැවරූ සුවඳින්
මල් වාරේ හදවත පිරුනා
අවාරයේ වැසි අනෝරාව යට
ඒ මල් පෙති ගැලවී වැටුණා...
තරු නෙත් කැල්මක දෙතොළඟ සුසුමක
සුවඳක් සේ සෙනෙහස බැඳුණා
පෙම් කළෙ මා මිස නුඹ නොවනා වග
වැටහෙන්නට කල්පය ගෙවුණා...

2009/01/01

සිහිනය....

දුර ඈත තාරුකා දිදිලෙනා විට සෑමදා
මැවුනා සොඳුරු සිත්තමක් මා හද පුරා
අරුත්බර කරන්නට ඒ සිතුවම දිවි පුරා
කෙදිනක හෝ හැකි යයි මට සිතුනි නිරතුරා...

සිහිනයේ ඇවිදින් තෙපළු ඒ පෙම් කතා
සැමඳා තිබෙන බව හැඟුනිමට දිවිතුරා
නමුත් ඒ සියළු දේ වැරදි යයි දැනුන දා
හදේ රැදි සිත්තමත් කඳුල සේ බොඳ වුනා...

2009/02/14